Loading

​​​

ඕස්ට්රේලියානු දේශසීමාවන්හි සෑම දිනකම, දවස පුරාම ආරක්ෂක මුරසංචාරයන් සිදු කෙරේ


අනවසර බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාව වෙත පැමිණීමට උත්සාහ දරන ඕනෑම අයෙකු ඔවුන් ගමන ආරම්භ කළ තැනට ආපසු හරවා යැවීම, සිය මවු රටට යැවීම, හෝ කටයුතු පිළියෙළ කිරීම පිණිස තුන්වන රටකට මාරු කිරීම සිදු කෙරේ.

2013 සිට රට තුලට නීතිවිරෝධීව ඇතුළුවීමට උත්සාහ ගන්නා සෑම බෝට්ටුවක්ම අතරමඟ නැවැත්වීමට ඕස්රේලියාව කටයුතු කර ඇත. සෑම යාරාවක්ම සමීප ලෙස නිරීක්ෂණය කෙරේ. ඕස්රේලියාව වෙත නීතිවිරෝධී ලෙස සංරමණය වීමට කිසිදු අවකාශයක් නොමැත.

මිනිස් ජාවාරම් පිළිබඳ පැමිණිලි කරන්න


මිනිසුන් තමන් විසින් වෙහෙස මහන්සි වී උපයාගත් මුදල් ලබා ගැනීමට ඕස්ට්‍රේලියාවේ පහසුවෙන් පදිංචි කරවන බවට මිනිස් ජාවරම්කරුවන් බොරු පොරොන්දු ලබා දේ. ඔවුන්ගේ බොරුවලට නොරැවටෙන්න.

ඕස්ට්‍රේලියාව වෙත නීතිවිරෝධී ලෙස පැමිණෙන ගමන සඳහා මිනිස් ජාවාරම්කරුවන්හට ගෙවන මුදල්වලට කිසිදු ප්‍රතිලාභයක් හිමි නොවේ. මිනිස් ජාවරම්කරුවන් ඔබගේ ආරක්ෂාව හෝ ඔබගේ අනාගතය වෙනුවෙන් වග නොකියයි. ඔවුන් උනන්දු වන්නේ ඔබගේ මුදල් පිළිබඳව පමණි.

 දේශසීමා ආරක්ෂාව වෙත පැමිණිලි කර මිනිස් ජාවාරම් අපරාධය නතර කරන්න.

දේශසීමා මුර වෙබ් අඩවිය

ආරක්ෂාකාරී ලෙස සහ නීතිගරුක ලෙස සංචාරය කරන්න


ඕස්ට්‍රේලියාව සතුව විවිධ මානුෂීය සහ සංක්‍රමණ වැඩසටහන් තිබෙන අතර, සරණාගතයන් සාදරයෙන් පිළිගැනීම පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් තිබේ.

ආරක්ෂාකාරී සහ නීතිගරුක ලෙස ඕස්ට්‍රේලියාවට පැමිණීම හා අදාළ වැඩිපුර විකල්ප අවස්ථා ගැන දැන ගැනීමට, ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ආගමන සහ පුරවැසිභාවය වෙබ් අඩවිය වෙත යන්න.

ඕස්ට්රේලියාවට නීතිගරුක ලෙස පැමිණිය හැකි එකම ක්රමය වන්නේ වලංගු ඕස්ට්රේලියානු වීසා බලපත්රයක් සඳහා අයදුම් කිරීමය. මිනිස් ජාවාරම්කරුවන් ඔබට වෙනත් දේවල් පවසනු ඇත - ඔවුන්ගේ බොරුවලට හසු නොවන්න.

සංරමණ වෙබ් අඩවිය